LPL පුවත්

හයේ වරුසාවක් සමඟින් අවිශ්ක ප්‍රනාන්දුගෙන් නව එල්.පී.එල් වාර්තාවක්.

2021 එල්.පී.එල් තරගාවලියේ තවත් තරඟයක් ජැෆ්නා කිංග්ස් පිල සමඟින් කැන්ඩි වොරියස් පිල අතර පැවැත්වුණා.

වර්ෂාව හේතුවෙන් එක් පිලකට පන්දුවාර 14 කට සීමා වුණු තරඟයේ මුලින් පන්දුවට පහර දුන්නේ ජැෆ්නා කිංග්ස් පිලයි.

ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 21 කින් වේගවත් අර්ධ ශතකයක් ලබාගත් අතර ඊට දැවැන්ත හයේ පහරවල් 7 ක් ඇතුළත් විය.

එම ඉනිම ඉතිහාසයට එක්වූයේ එල්.පී.එල් ඉනිමකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව ලෙසයි.

පසුගිය වසරේද ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ඉනිමක හයේ පහරවල් 7 ක් එල්ල කිරීමට සමත් වූ අතර එම දස්කම දෙවරක් ප්‍රදර්ශනය කළ එකම පිතිකරුවා වන්නේ අවිෂ්ක ප්‍රනාන්දුයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button