CRICKET NEWS

එංගලන්ත පළමු ඉනිම ලකුණු 147කට සීමාවෙයි

ලොව පැරණිතම මෙන්ම විශාලතම තරගාවලියක් වන අළුබදුන ටෙස්ට් තරගාවලිය අද දිනයෙන් ආරම්භ වුණා. මෙහිදී කාසිය වාසිය දිනාගත් එංගලන්ත නායක ජෝන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා ඒ අනුව ජෝගේ තීරණය තරමක් වැරැදි සහගත කරමින් පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 157 ක් ලබාගත්තා

මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඕස්ට්‍රේලියානු නායක patt cummins එංගලන්ත ඉනිමේ කඩුලු පහක අයිතිය තමන් සතු කර ගත්තා ඒ වගේම එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වන්නටත් ජෝස් බට්ලර් සමත් වුණා එහිදී ඔහු ලකුණු 39 ක් ලබාගත්තා

එංගලන්තය වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතක සම්බන්ධතාව පැවැත්වීමට අද එක්වූයේ වැඩිම ලකුණුලාභියා වූ ජෝස් බට්ලර් හා ඔලී පොප්ය. ඔවුන් දෙදෙනා ලකුණු 52ක සම්බන්ධතාවයක් පැවැත්වූවා

ඒ වගේම අද තරගයේ පළමු පන්දුවේදී ම ඉතා සුවිශේෂී සිද්ධියක් වාර්තා වුණා ඒ මිචෙල් ස්ටාක් විසින් තරඟාවලිය මෙන්ම තරඟය ආරම්භක පන්දුවේ එංගලන්ත ක්‍රීඩක රොරී බන්ස් ව දවා ගනු ලැබීමයි. ඒ අනුව එම සිද්ධිය වාර්තා වූයේ අවුරුදු 130 කට වඩා පැරණි අළුබදුන ටෙස්ට් තරගාවලියේ එවැනි සිද්ධියක් වාර්තා වූ දෙවන අවස්ථාව ලෙසයි.

ඒ වගේම එංගලන්ත ඉනිමෙන් පසුව තරඟය පැවැත්වීමට නොහැකි වූයේ වර්ෂාපතන හේතුවෙනි ඒ අනුව පළමු දිනය එංගලන්ත පළමු ඉනිම සමඟ නිමාවිය

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button