CRICKET NEWS

තීරණාත්මක තරග ද්විත්වය අද රාත්‍රියේ දී

ලොව වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩාව අබුඩාබි ටී 10 ලීගයේ අවසන් මහා තරගය සහ තුන්වන ස්ථානය තේරීම සඳහා වන තරඟය අද රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි

මෙහිදී තුන්වන ස්ථානය සඳහා බංගලා ටයිගර්ස් කණ්ඩායම සහ අබුඩාබි කණ්ඩායම තරග කරනවා ඇති.

ෆෆ් ඩූ ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුත් බංගලා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන ක්‍රීඩා කරනවා. ඒ අනුව තරගය අද රාත්‍රි 7.30ට පැවැත් වීමට නියමිතයි.

ඒ වගේම ටී10 ලීගයේ අවසාන මහා තරඟය රාත්‍රි 9.30 ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ දිල්ලි බුල්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි

මෙහිදී විශේෂම සිදුවීම් වන්නේ ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ඩෙකෑන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි

ඒ අනුව මෙම සුන්දර තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ඔබ සියලු දෙනාටම අප වෙබ් අඩවිය විසින් ආරාධනා කරනවා ද අවසන් මහා තරගය ඔබට සියත ටීවී ඔස්සේ සහ event tv ඔස්සේ නැරඹිය හැකි ය

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button