CRICKET NEWS

ඉන්දියාව හා නවසිලන්තය අතර පළමු දිනයේ තත්ත්ව වාර්තාව

ඉන්දියාව හා නවසිලන්තය අතර දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය වුවත් දවසේදී ළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම ලකුණු 221ට කඩුලු හතරක් දැවී ප්‍රබල තත්ත්වයක සිටිනවා.

මෙහිදී පළමු තරඟයට ක්‍රීඩා නොකල විරාට් කෝලි සිය කණ්ඩායම සමග නැවත එක් වී තිබෙනවා. පළමු තරගයට වඩා දෙවන තරගයේ වෙනස්කම් තුනක් සමගින් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පළමු තරගයේ නායකයා වූ අජින්ක්යා රහනේව විවේක ගන්වා තිබෙනවා.

ඉන්දීය ඉනිම ශක්තිමත් කරමින් ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් නොදැවී ලකුණු 120 ලබාගෙන තිබෙනවා. ඔහු සමග නොදැවී පන්දුවට පහර දෙමින් සිටින සිටින රිදිමන් සහා ලකුණු 25 ක් ලබාගෙන තිබෙනවා.

ඒ වගේම අංක තුන ස්ථානයේ පිටියට පිවිසි පූජාරා සහ අංක හතර ස්ථානය පිටියට පිවිසි නායක විරාට් කෝලි ලකුණු නොලබා දැවී යාම දිනයේ විශේෂම සිදුවීම් ද්විත්වයක් වූවා

ඒ වගේම ඉන්දීය ඉනිමේ බිඳ වැටුනු කඩුලු හතරෙම අයිතිය හිමි වූයේ නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල්ටය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button