Cricket Records

ටෙස්ට් පිටියේ නමවන කඩුල්ලට ශතකයක් එක්කල ‍ ශ්‍රී ලාංකික ක්‍රිකට් යුගල 4

දනන්ජයද සිල්වා ගේ හා ලසිත් ඇඹුල්දෙනිය ගේ අති අනර්ඝ සම්බන්ධතාවය ගැන බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. ඒ වගේම ඔවුන් දෙන්නා පැවැත්වූ ලකුණු 124ක සම්බන්ධතාවය ඉතිහාසගත වූයේ ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් ටෙස්ට් පිටියේ නමවන කඩුල්ලට වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඉතින් මේ හේතුවෙන් අප වෙබ් අඩවි සිතුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 9 වන කඩුල්ලට ශතක සම්බන්ධතාවයක් පැවැත්වූ ක්‍රීඩක යුග ගැන සොයා බලන්නට

ඉතින් අපේ මහන්සියට ප්‍රතිඵල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නම වන කඩුල්ලට ලකුණු සීයක් එක් කල පිතිකරු යුගල් හතරක් හමුවනවා.

දැන් අප බලමු ඒ කවුද කියලා ඒ වගේම ටෙස්ට් පිටියෙ 9වන කඩුල්ලට වැඩිම ලකුණු සම්බන්ධතාවයක් පැවැත්වූ ක්‍රීඩක යුගල ලෙස ක්‍රිකට් ඉතිහාසයේ සඳහන් වෙන්නෙ මාර්ක් බෞචර් සහ පැට් සීන්කොස් යන දෙපලයි ඔවුන් දෙදෙනා නමවන කඩුල්ලට ලකුණු 195ක් සම්බන්ධතාවයක් පවත්වා ඇත.

1. ධනංජය ද සිල්වා සමඟ ලසිත් ඇඹුල්දෙනිය
ඔවුන් දෙන්නා බටහිර ඉන්දීය කොදෙව් දේශයට එරෙහිව ලකුණු 124 ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිනවා

2. අජන්ත මෙන්ඩිස් සහ තිලාන් සමරවීර
ඔවුන් දෙදෙනා ඉන්දියාවට එරෙහිව ලකුණු 118 සම්බන්ධයක් පවත්වමින් මෙහි දෙවන ස්ථානයේ රැඳී සිටිනවා

3. නුවන් කුලසේකර සහ චමින්ද වාස්
එංගලන්තයට එරෙහිව නම් ඕන කඩුල්ලට ලකුණු 105ක් එක්කල ඔවුන් දෙදෙනා මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවනවා

4. දිල්හාර ප්‍රනාන්දු සහ සනත් ජයසූරිය
ලකුණු 101 ක සම්බන්ධතාව සමගින් පාකිස්ථානයට එරෙහිව නම් ඕන කඩුල්ලට සතර සම්බන්ධතා පැවැත්වූ ඔවුන් දෙදෙනා මෙම ලැයිස්තුවේ හතරවන ස්ථානය පසුවනවා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button