ANALYSISCRICKET NEWSCricket Records

ඉන්දියාවෙන්ම තුන්වෙනියා වූ අශ්වින්

ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේ දී ලකුණු 52ක් ලබා සිටි ටොම් ලේතම්ගේ කඩුල්ල අශ්වින් විසින් දවා ගැනීමත් සමග ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තුන්වන වැඩිම කඩුලු ලාභියා ලෙස ඔහු පත්විය

මෙහිදී අශ්වින් විසින් කඩුලු 418 බිඳ හෙළා ඇති අතර ඔහු විසින් පසු කරණ ලද්දේ කඩුලු 417 ක් ලබා සිටි හර්බජාන් සිං වයි. ඒ වගේම මේ ලිපිය සකසන මොහොතේදී අශ්වින් විසින් නවසීලන්ත ඉනිමේ තවත් කඩුලක් දවා ගත්තා. ඒ අනුව මේ මොහොතේ දී ඔහු කඩුලු 419 දවාගෙන තිබේ

ඡායාරූපය ඊඑස්පීඑන් වෙබ් අඩවියෙනි දකුණු පසින් අශ්වින්ව දැක්වේ

ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියෝ

01. අනිල් කුම්බ්ලෙ 619

02. කපිල් දේව් 434

03. රවීචන්ද්‍ර අශ්වින් 419*

04. හර්බජාන් සිං 417

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button