CRICKET NEWS

ශ්‍රී ලංකාව නැති 2022 එක්දින ලෝක කුසලානය

2022 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා පවත්වනු ලැබූ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය එම තරගාවලිය පැවැත්වූ සිම්බාබ්වේ දේශයේ covid වසංගත තත්වය වැඩිවීම හේතුවෙන් අතරමග නවතා දමා තිබෙනවා.

ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලැබූ රටවල් පහට අමතරව තවත් රටවල් තුනක් තෝරා ගැනීම සඳහා මෙම තරඟාවලිය පවත්වන ලදී මෙහිදී ශ්‍රී ලංකාවට නෙදර්ලන්තයේ සමඟ තරගය පමණක් ක්‍රීඩාකර තිබුණි තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා ඒවගේම එම තරගාවලියේ දෙවන තරගය ලෙස අද බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව නියමිතව තිබුණා

නමුත් තරඟයේ එකතු පන්දුවක් හෝ යැවිමට මත්තෙන් තරගය අත්හිටුවීමට බලධාරීන්ට සිදුවිය ඒ වගේම සම්පූර්ණ තරඟාවලිය ම අත්හිටුවීමට එම බලධාරීන් තීරණය කර තිබුණා මේ හේතුවෙන් 2022 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින බංග්ලාදේශය බටහිර ඉන්දීය කොදෙව් දේශය හා පාකිස්තානය යන රටවල් නිතරඟයෙන් 2022 ලෝක කුසලානයට තේරී පත්විය.

ඒ අනුව 2022 ලෝක කුසලාන තරගාවලිය නම් වෙන්නෙ 1993 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රීඩා නොකරන පළමු තරගාවලිය ලෙසයි.

2022 එක් දින ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කරන රටවල්

ඉන්දියාව,නවසීලන්තය,එංගලන්තය, බංග්ලාදේශය,බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button