ANALYSISCricket Records

කඩුළු පහේ අවස්ථා පහක් ගත් අක්සාර්

ඉන්දියාව හා නවසිලන්තය අතර පළමු ටෙස්ට් තරඟය මේ දිනවල දී පැවැත්වෙනවා මෙහිදී පළමු ඉනිමට ඉන්දියාව ලකුණු 345 ක් ලබාගෙන තිබුණා පිළිතුරු වශයෙන් වන දිනය ක්‍රීඩාකරන අද දිනයේ දී මේ ලිපිය ලියන මොහොතේ දී නවසීලන්ත කණ්ඩායම ලකුණු 272 කට කඩුලු 8ක් දැවී තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

ඉතිං මේ නවසීලන්ත කණ්ඩායමේ දැවී ගිය කඩුලු අටෙන් කඩුලු පහක හිමිකම හිමිවන්නේ ඉන්දියානු දඟපන්දු වන ක්‍රීඩක අක්සාර් පටේල් හටයි.

AHMEDABAD, INDIA – MARCH 04: Axar Patel of India celebrates taking the wicket of Zak Crawley of England during Day One of the 4th Test Match between India and England at the Narendra Modi Stadium on March 04, 2021 in Ahmedabad, India. (Photo by Surjeet Yadav/Getty Images)

ඉතින් මේ කඩුළු පහේ අවස්ථාව අක්සාර් පටෙල්ගෙ පස්වන කඩුළු පහේ අවස්ථාව වනවා ඒ වගේම සුවිශේෂීත්වය වන්නේ අක්සාර් පටෙල් ඉනිම් 7 තුළදී පමණක් මෙම කඩුලු 5 අවස්ථා 5ක් දවා ගෙන තිබීමයි 2021 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගන්නා අක්සාර් පටෙල් එහි දී එංගලන්තයට එරෙහිව තරග තුනකදී ඉනිම් හයකදී කඩුලු 27දවා ගනිමින් එහි දී කඩුලු පහේ අවස්ථා 4ක් ලබාගන්නවා.

ඉතින් අද පන්දු යැවිමත් සමග තවත් කඩුළු පහේ අවස්ථාවක් ලබාගත් අක්සාර් පටෙල් කඩුලු පහේ අවස්ථා 5ක් ඉනිම 7කදී ලබාගෙන තිබෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button