CRICKET NEWS

රමේෂ් සහ ඇඹුල්දෙනිය කොදෙව් පිල අසීරු අඩියකට ඇද දමයි

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පළමු ටෙස්ට් තරඟයේ 4 වන දිනය වන අද දිනයට මගේ නවත්වන විට කෝකිල කඩුලු 6ක් දැවී ලකුණු පනස් තුනක් ලබා ගෙන සිටියා

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 386 ක්ද දෙව් පළමු ඉනිම ලකුණු 230ක්ද වූවා. දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 191කට කඩුලු 4ක් දැවී තිබියදී ඉනිම අත්හිටු වීමට තීරණය කළා ඒ අවසරයෙන් කොදෙව් පිලට ලකුණු 348 ක ජයග්‍රහි ඉලක්කයක් හිමිවූවා. ලකුණු 191 ලබාගත් ඉනිමට දිමුත් කරුණාරත්නගේ හා ඇන්ජලෝ මැතිව්ස්ගේ අර්ධ ශතක ද ඇතුළත් වූවා

ලකුණු 348 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොදෙව් පිල පළමු කඩුලු 6 ලකුණු 18 ක් තුළදී දවා ගැනීමට ශ්‍රී ලාංකික පන්දු යවන්නන් මමත් උනා මෙහිදී පළමු කඩුලු හයෙන් හතර අයිතිය හිමිකර ගනීමින් රමේෂ් මෙන්ඩිස් සුපිරි පන්දු යැවීමක නිරත වුණා.

කෙසේ නමුත් දිනයේ අවසන් භාගයෙහි දී හත්වන කඩුල්ලට තරමක් ස්ථාවර වූ සම්බන්ධතාවක් පැවැත්වීමට බොනර් සහ ද සිල්වා සමත් වූවා.

දිනය අවසන් වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඔවුන් දෙදෙනා කොදෙව් ඉනිම ලකුණු 52 කට කඩුලූ 6 ක් ව තිබියදී අවසන් කිරීමට සමත් වූවා.

දිනය අවසන් වන විට බෝනර් ලකුණු18ක්ද ජොෂ් ලකුණු 15 ලබාගෙන තිබුණා රමේෂ් මෙන්ඩිස් ලකුණු 17 කට කඩුලු හතරයි ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 18 කට කඩුලු 2යි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button