CRICKET NEWS

ශ්‍රී ලංකාව ලකුණු 347ක ඉදිරියක් ලබා ගනී

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පළමු ටෙස්ට් තරඟයේ 4 වන දිනය අදයි මෙහිදී දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව ලකුණු 191 කට කඩුලු 4ක් දැවී ගිය මොහොතක ඉනිම අත්හිටුවීමට තීරණය කළා

පළමු ඉනිමට ලකුණු 386 ලබාගත් ශ්‍රී ලංකාවට පිළිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් දේශය දකුණු 230 ක් ලබා ගත්තේය. තෙවන දිනය වූ ඊයේ දිනයේ දී වර්ෂාව හේතුවෙන් දිනයේ වැඩි කාලයක් තරගය පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් කොදෙව් පළමු ඉනිම අද දිනය දක්වා ද ඇදී ගියා එහිදී අවසන් කඩුල්ල ලෙස ක්‍රීඩා කරමින් සිටි ශනොන් ගේබ්‍රියල් ව දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වීමත් සමග කොදෙව්ඉනිම 230 ට සීමා වුණා.

ඒ හේතුවෙන් ලකුණු 158 ක ඉදිරියක් සමඟ ශ්‍රී ලංකා දෙවන ඉනිම ඇරැඹුවා මෙහිදී විශිෂ්ට ඉනිම් ද්විත්ව ක්‍රීඩාකරමින් ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 191 කට කඩුලූ 4 ක් ව තිබියදී ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ ලකුණු ප්‍රමාණයක් සමඟ බටහිර ඉන්දීය කොදෙව් දේශයට ලකුණු 348 ක ජයග්‍රාහි ඉලක්කයක් හිමි වුණා. කෙසේ වෙතත් මීට පෙර කිසිම දිනෙක ගාලු ජාත්‍යන්තර පිටියේදි ලකුණු 300 ට වඩා එහා ගිය ඉලක්කයක් හඹා ගෙන ගොස් කිසිම කණ්ඩායමක් ජයගෙන නොමැත ගාලු ජාත්‍යන්තර පිටියෙන් හතරවන ඉනිමට ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 300 කි ඒ පාකිස්තානු කණ්ඩායම විසිනි නමුත් එම ලකුණු සංඛ්‍යාව ලබාගෙනත් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී නැත

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button