ANALYSIS

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු තරගය ජයගනී

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟ මේ දිනවල දී පැවැත්වෙනවා මෙහි දී ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරඟය අද(23) පැවැත්වුණා

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 9 දැවී ලකුණු 278ක් ලබා ගත්තා. මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් නායිකා චමරි අතපත්තු පන්දු 70 කදී ලකුණු 111 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභිනිය වූවා.

නෙදර්ලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කැරොලින් ලැන්ග් කඩුලු 4ක් දවා ගත්තා.

279 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩිකාවන්ගේ ආරම්භක කඩුල්ල ලකුණු 13 වෙද්දි දවා ගැනීමට උදේශිකා ප්‍රබෝධනී සමත්විය. ඉන් අනතුරුව සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වූ බාබේට් ලීඩ් හා ස්ටේරී කලිස් දෙවන කඩුල්ලට ලකුණු 141 සම්බන්ධතාවයක් පැවැත්වූවා.

බිඳ වැටුණු දෙවන කඩුල්ලක් සමඟ පාලනය අතට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තවත් ලකුණු විසි එකක් ලබාදෙමින් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු හතරක් දවා ගනු ලැබුවා.

කෙසේ නමුත් ඒ අතරතුර දී යැවූ නිලකුණු පන්දු හේතුවෙන් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා ඒ හේතුවෙන් අවසානයේදී අඳුරු ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට ඩක්වත් ලුවිස් නෑ අයට අනුව ලකුණු 34 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවුණා

ශ්‍රී ලංකාව – 278/9
චමරි අතපත්තු 111(70)
අනුශ්කා සංජිවනි 31(44)

කැරොලින් ලැන්ග් 64/4(10)

නෙදර්ලන්තය 196/6
බාබේට් ලීඩ් 77(97)
ස්ටේරී කලිස් 66(94)

අනුරා රණසිංහ 36/2(10)

චමරි අතපත්තු 28/1(5.4)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button