CRICKET NEWS

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව 61/0

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව ලකුණු 61 ක් ලබා ගනිමින් කිසිදු කඩුල්ලක් නොදැවී ක්‍රීඩා කරනු ලබනවා. දිවා ආහාරයට ප්‍රථමයෙන් පන්දුවාර 27 යවා තිබෙනවා

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක ලකුණු 25ක් ද දිමුත් කරුණාරත්න ලකුණු 32 ද ලබා ගෙන තිබෙනවා

ඒ වගේම දිමුත්ව ලකුණු 14දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් ටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් අතින් ගිලිහෙනවා.

ඒවගේම සුවිශේෂී සිද්ධියක් වූයේ අද මංගල තරගය ක්‍රීඩා කරන පිටියට පිවිසි සොලොසනො නමුත් එල්ල කළ පහරක් ඔහුගේ හිසේ වැදීමෙන් ඔහුව පිටියෙන් ඉවත් කිරීමයි. එම අවස්ථාවේදී ඔහු ව ඇම්බියුලන්ස් රථයකින් රෝහල්ගත කරන ආකාරයත් පෙනෙන්නට තිබුණා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button