CRICKET NEWS

දසුන්ගේ චෙන්නායි පිළ පරදා ඩෙකෑන් පිල ජය ලබයි

චෙන්නායි බ්‍රේව් කණ්ඩායමත් ඩේකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමත් අතර අබුඩාබි ටී10 තරගාවලියේ තරගයක් අද පැවැත්විණි

මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පස් දෙනකු ක්‍රීඩා කළ තරගයක් වුවා.චෙන්නායි කණ්ඩායමෙන් වෙනුවෙන් දසුන් ඇතුළු හතර දෙනෙකුත් ඩෙකෑන් කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ක්‍රීඩා කරනු ලැබුවා.

මෙහිදී පළමු පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළදී ලකුණු 146ක් ලබා ගනු ලැබුවා මෙහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ඇන්ඩෘ රසල් ලකුණු 43 ද ටොම් මූවර්ස් ලකුණු 47 ද ලබා ගත්තා.

ලකුණු 147 ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වන මොහොමඩ් ෂෙසාඩ් හා භානුක රාජපක්ෂ ලකුණු 5ක් වෙද්දි ක්‍රීඩාගාරයට යැවීමට වහබ් රියාස් සමත් විය

ඉන්පසුව පිටියට පිවිසි ඇන්ජලෝ පෙරේරා හා බොපාරා වේගවත් ශතක සම්බන්ධයක් පැවැත්වූ වත් එය චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය ට ප්‍රමාණවත් වුණේ නැත.

මෙහිදී පෙරේරා ලකුණු 60ක් ලබාගත්තේ පන්දු 29 කිනි

ඩේකෑන් ග්ලැඩියේටර්ස් 146/3
ඇන්ඩෘ රසල් 43 (17)
ටොම් මූවර්ස් 47 (17)

මුනාෆ් පටෙල් 20/1

චෙන්නායි බ්‍රේව් කණ්ඩායම 122/4
ඇන්ජලෝ පෙරේරා 60(29)
බොපාරා 51(26)

වහබ් රියාස් 16/2

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button