ANALYSIS

අවසන් මහා තරගයේ විලියම්සන්ගේ වාර්තාගත ඉනිම

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවති 2021 ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වසන් මහා තරගයේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක kane williamson නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා

පන්දු 48කින් ලකුණු 85ක් ලබාගත් ඔහුගේ ඉනිමට හයේ පහර3ක් හා හතරේ පහර 10ක් ඇතුළත් වුණා වගේම ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 177.08 තරම් ඉහළ අගයක දැක්වුණා.

ඉතින් මේ ඉනිමක් සමග වාර්තා රැසක් තමන්ගේ නමින් ලියාගන්නට kane williamson සමත්වුණා

✅20-20 ලෝක කුසලාන අවසන් තරගයේ දී ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම අර්ධ ශතකය
(පන්දු 32යි)

✅20-20 ලෝක කුසලාන අවසන් තරගයේ දී නායකයෙකු රැස්කළ ඉහළම ලකුණු

Kane williamson 2021දී 85
Kumar sangakkara 2009දී 64*

✅20-20 ලෝක කුසලාන අවසන් තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා වගේම පළමු නායකයා

✅20-20 ලෝක කුසලාන අවසන් තරගයේ දී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සම කිරීම

Kane williamson 2021 දී 85
මාලන් සැමුවෙල් 2016 දී 85*

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button