ANALYSIS

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියෝ 8 දෙනා

ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධනයි ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා වන්නේ. ඔහු ලෝක කුසලාන ඉතිහාසය දී ලකුණු 1016 ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයේ පවතිනවා වගේම ඔහු ඉතිහාසගත වන්නේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු දහසක් ලබා ගත් එකම ක්‍රීඩකයා විදියටයි

ඉතින් මේ මහේල ජයවර්ධන අවසන් වරට ලෝක කුසලානයක් නියෝජනය කරන්නේ 2014 වසරේදී. ඒ 2014 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දීයී, ඉතින් මේ මහේල ජයවර්ධන අවසන් වරට ලෝක කුසලානයක් නියෝජනය කළ අද වන විට වසර හතක් ගෙවී තිබෙනවා ඒ වගේම ඒ අතරතුර ලෝක කුසලාන තරඟාවලි දෙකක් පවත්වා තිබෙනවා(2016,2021)

ඉතින් මේ 2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද දින අවසන් තරගය පැවැත්වෙන දිනයටත් මහේල ජයවර්ධන ම පසු කිරීමටත් කිසිම ක්‍රීඩකයකු සමත්වී නැත ඒ වගේම ලකුණු දහසක් ලබා ගැනීමටත් කිසිම ක්‍රීඩකයකු සමත් වී නැත.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් 8දෙනා

මහේල ජයවර්ධන 1016 (inns 31)
ක්‍රිස් ගේල් 965 (inns 31)
තිලකරත්න දිල්ෂාන් 897 (inns 34)
රොහිත් ශර්මා 847 (inns 30)
විරාට් කෝලි 854 (inns 19)
A b ඩිවිලියස් 717 (inns 29)
ඩෙවිඩ් වොනර් 709 (inns 29)
ශකීබ් අල් හසන් 698 (inns 31)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button