ANALYSISCRICKET NEWS

20-20 පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර වනිදු හතර වන තැනට

ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වෙද්දි පාකිස්තාන නායක බාබර් අසාම් ලොව අංක එකේ විස්සයි විස්ස පිතිකරුවා වෙයි

පසුගිය දිනවල පැවති ලෝක කුසලාන තරගාවලියේ තරග යන්හි දක්ෂතා හේතුවෙන් වනිදු හසරංග හා බාබර් අසාම් එම ස්ථාන වලට පැමිණ තිබෙනවා

ඒ වගේම වනිදු හසරංග ලොව 20-20 තුන් ඉරියව් ක්‍රීඩකයා ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ තිබෙනවා

ප්‍රසාද ලකුණු 776 ලබා ගනිමින් ප්‍රසාද ලකුණු 770 ක් ලබාගෙන සිටි ශැම්සිව අභිබවමින් වනිදු හසරංග ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා බවට පත්ව තිබෙනවා

ප්‍රසාද ලකුණු 798 ලබාගෙන සිටි ඩේවිඩ් මලාන්ව පසුකරමින් ප්‍රසාද ලකුණු 834 ක් සමගින් පාකිස්ථානයේ බාබර් අසාම් ලොව අංක එකේ විස්සයි විස්ස පිතිකරුවා බවට පත්වෙයි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button