CRICKET NEWS

පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට ප්‍රබල වෙනස්කම් 3ක් සිදු කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන අවසන් සංචිතය අද(8) නිවේදනය කෙරුණා.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස මුල ප්‍රකාශයට පත් කෙරුණු ලෝක කුසලානය සදහා වන පාකිස්තාන සංචිතයට වෙනස්කම් 3ක් සිදු කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

සර්ෆරාස් අහ්මඩ් හා හෙයිදර් අලී සංචිතයට කැදවා ඇත්තේ අසාම් ඛාන් හා මොහොමඩ් හසනයින් වෙනුවටයි.

අතිරේක ක්‍රීඩකයෙකු ලෙස මීට පෙර නම් කර සිටි ෆකාර් සමාන් ප්‍රධාන සංචිතයට මෙවර නම් කර තිබෙනවා.

ඔහු සංචිතයට නම් කිරීම හේතුවෙන් කුස්දිල් ශාහ්ට සංචිතයේ ස්ථානය අහිමි වී ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ලබන 17 වනදා ආරම්භ වන මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ලබන 24 වනදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Pakistan’s 15-player squad :

Babar Azam (c), Shadab Khan (vc), Asif Ali, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Hasan Ali, Imad Wasim, Mohammad Hafeez, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim, Sarfaraz Ahmed, Shaheen Shah Afridi, Sohaib Maqsood,

Traveling reserves : Khushdil Shah, Shahnawaz Dahani, Usman Qadir

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button