CRICKET NEWS

රෝහල්ගත කෙරුණු ටෙම්බා බවුමා හට ඉදිරි තරග සියල්ල අහිමි වෙවෙන ලකුණු.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමට ශ්‍රී ලංකා සංචාරයයේ ඉතිරි එක්දින තරග හා විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමට ඉඩ ඇති බවට වාර්තා වේ.

ආරංචි මාර්ග වලට අනුව ඔහු ඉතිරි එක්දින තරඟ දෙක සහ ඊළඟට පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග තුන ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.

“ඔහු අස්ථි බිඳීමකට ලක්ව ඇති අතර සති හතරක පමණ විවේකයක් ඔහුට අවශ්‍යයි. මේ වන විට ඔහුට කිසිදු ශල්‍යකර්මයක් අවශ්‍ය බවක් නොපෙනේ ” යනුවෙන් කණ්ඩායම් කළමනාකරණය පැවසීය.

කණ්ඩායම් කළමනාකරණය ඔහුව නැවතත් සිය මවුරට බලා යැවීමට සලකා බලයි. එමඟින් ඔහුට ලෝක කුසලානයට පෙර සුවය ලබා ගත හැකි වනු ඇත.

ඊයෙ තරගය අතරතුර පන්දුවට පහර දෙමින් සිටියදී මිඩ් විකට් සිට වනිදු හසරංග විසින් කඩුලු රකින්නා වෙත එවූ පන්දුව බවුමාගේ මාපටැඟිල්ලට වැදීමෙන් ලකුණු 38 ක් ලබා සිටියදී ඔහු පිටියෙන් ඉවත්ව ගියේය.

ඉන් අනතුරුව ස්කෑන් පරීක්ෂණක් සඳහා ඔහුව කොළඹ නවලෝක රෝහල වෙත ගෙන යන ලදී. ඔහු සමඟ හමුදා වෛද්‍ය ප්‍රසාද් සහ දකුණු අප්‍රිකානු සංචාරයේ යෙදෙන ආචාර්ය හෂේන්ද්‍ර රම්ජි ද වූහ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button