CRICKET NEWS

උපුල් තරංගත් නේපාලයේ එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වෙයි.

සැප්තැම්බර් 25 වන දින සිට නේපාලයේදී ඇරඹීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා හිටපු සුපිරි ආරම්භක පිතිකරු උපුල් තරංගටත් අවස්ථාව හිමිවී තිබෙනවා.

ඔහු නියෝජනය කරනුයේ බයිරහවා ග්ලැඩියේටර්ස් පිලයි.

ඒ සම‍ඟින් 2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියේ බයිරාහ්වා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ගණන දෙදෙනෙකු බවට පත් වන අතර මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේශ් චන්දිමාල් එම කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නද එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියේ චිට්වන් ටයිගර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබන අතර එම තරගාවලිය ශ්‍රී ලාංකික ඔබට ඩයලොග් නාලිකා අංක 77 න් 1Sports නාලිකාව ඔස්සේ නැරඹීමට හැකිය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button