CRICKET NEWS

අඩුම ඉනිම් ගණනකින් සිය ප්‍රථම එක්දින ශතක 3 ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවන්

අවිශ්ක ප්‍රනාන්දු විසින් ඊයේ දිනයේ සිය එක්දින ක්‍රිකට් දිවියේ තුන්වන ශතකය ලබා ගැනීමට සමත් වුණා.

එම විශිෂ්ට ශතකය ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරඟය ජය ගැනීමට ඉමහත් පිටු වහලක් බවට පත් වුණා. අවසානයේ තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවේද ඔහුයි.

ඔහු එක්දින පිටිය තුළ ශතක 3 ක් ලබා ගැනීමට වැය කර ඇත්තේ ඉනිම් 24 ක් පමණයි. එය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් දෙවන වේගවත්ම ශතක තුනයි.

ඉනිම් 21 – උපුල් තරංග
ඉනිම් 24 – අවිශ්ක ප්‍රනාන්දු ***
ඉනිම් 47 – ලහිරු තිරිමාන්න
ඉනිම් 51 – කුසල් පෙරේරා
ඉනිම් 54 – මහේල ජයවර්ධන
ඉනිම් 88 – මාවන් අතපත්තු
ඉනිම් 92 – කුමාර සංගක්කාර
ඉනිම් 97 – දිනේශ් චන්දීමාල්

මෙහිදී අඩුම ඉනිම් සංඛ්‍යාවකින් තමන්ගේ පළවෙනි එක්දින ශතක 3 ලබා ගෙන තිබෙන්නේ උපුල් තරංග විසිනි. ඒ වගේම ඊයේ දිනයේ ලබා ගත් එක්දින ශතකයත් සමඟම ඉනිම් 24 කින් ශතක තුනක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු මෙහි දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

උපුටා ගැනීම…

https://twitter.com/ThurunuJ/status/1433525461888364556?t=awI-tdNVyo5g8pNRzDyPjQ&s=19

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button