SOCIAL NEWS

2021 බංගලාදේශ ලෝක කුසලාන විස්සයි විස්ස සංචිතයෙන් තමීම් ඉක්බාල් ඉවත් වෙයි.

ඔක්තෝම්බර් 17 දා සිට පැවැත්වීමට නියමිත අයි.සී.සී විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශ ප්‍රවීණ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ඉවත් වීමට තීරණය කොට ඇත.

බංග්ලාදේශය ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරඟ කිහිපයටම සහභාගි වී නැති තමීම් විශ්වාස කරන්නේ ඔහු නොමැතිව නවක ක්‍රීඩකයින් එම ස්ථානයේ බොහෝ සෙයින් හොඳින් දස්කම් දක්වා ඇති හෙයින් එම ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබාදිය යුතු බවයි.

“මම විශ්‍රාම යන්නේ නැහැ. මම මෙම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව සිටිනවා. තරුණ ආරම්භක පිතිකරුවන් පසුගිය තරගාවලි කිහිපය තුළ හොඳින් ක්‍රීඩා කළා. මට නිකමට ඇතුළට ඇවිත් ඔවුන්ගේ ස්ථානය ගන්න බැහැ. එය අසාධාරණයි.”

“මාධ්‍යන්ගෙන් කරුණාකර දුරකථන ඇමතුම්, වට්ස්ඇප් පණිවිඩ එපා. මම මගේ තීරණය ගෙන ඇති අතර මම එයට එකඟව සිටිමි. මම හැම විටම කරන්නේ මට නිවැරදි යැයි හැඟෙන දේ වන අතර මෙවර මට දැනුනේ මෙයයි. ඉදිරියේදී අනෙකුත් විස්සයි විස්සයි තරගාවලි සිට මම නැවතත් කණ්ඩායමට පැමිණෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් ඔක්තෝබර් 17 වනදා සිට ඔවුන් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරඟ කිරීමට සූදානම්.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button