CRICKET NEWSSOCIAL NEWS

සදර්න් වොරියස් පිළට දිනෙශ් චන්දිමාල් ජයගෙනෙයි

ආමී කමාන්ඩර් ලීගයේ තවත් තරගයක් අද දිනයේ පැවත් වුණා. ඒ බැට්මන් ඩොට් කොම් ඉස්ටන් වොරියස් කණ්ඩායම හා ඩීමෝ සදර්න් වොරියස් කණ්ඩායම අතරයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉස්ටන් වොරියස් කණ්ඩායම ලකුණු 144 ලබා ගත්තා. එම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුයේ අසේල ගුණරත්නයි. ඔහු ලකුණු 53ක් ලබා ගත්තේ පන්දු 45ක් තුළදියි. ඔහුගේ ඉනිමට 4× 5 , 6× 1 ඇතුලත් වුවා.

ඒ වගේම පන්දු යැවිමෙන් සදර්න් වොරියස් පිළ වෙනුවෙන් සුරංග ලක්මාල් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 145 ඉලක්කයක් හබා ගිය සදර්න් වොරියස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූ දිනෙශ් චන්දිමාල් හා රත්නායක ආරම්භක කඩුල්ලට ලකුණු 105 සම්බන්ධ තාවක් ගොඩ නැගිම සදර්න් කණ්ඩායමට වාසි දායක තත්වයක් වුවා.

මෙහිදි නායකත්ව ඉනිමක් ක්‍රිඩා කරමින් සදර්න් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය දිනෙශ් චන්දිමාල් පන්දු 52කදි ලකුණු 79ක් ලබා ගත්තා. ඒ අවසරයෙන් පන්දු වාර 18.4 තුළදි කඩුලු 2 පමණක් දැවි සදර්න් කණ්ඩායම ලකුණු 145 ලබා ගෙන මෙවර තරගාවලියේ පළමු තරග ජය ගත්තා.

ඉස්ටන් වොරියස් 144/9(20
අසෙල ගුණරත්න 53(45)

සුරංග ලක්මාල් 27/3

සදර්න් වොරියස් 145/2(18.5)
දිනෙශ් චන්දිමාල් 79(52)

චතුරංග ද සිල්වා 22/2

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button