CRICKET NEWS

දික්වැල්ල , මෙන්ඩිස් හා ගුණතිලකට ලැබූණු දඩුවම

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟාවලිය අතර් තුරදී නිරොධායනය නිති බිදිම සම්භන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක , නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් පංච පුද්ගල විනය කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ගත් තීරණ එළිදක්වා තිබෙනවා.

එවා මෙසෙයි,

*රුපියල් මිලියන 10 ක දඩයක්.

*වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්.

*මාස 6 ක දේශීය ක්‍රිකට් තහනමක්.

*පනවන ලද වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමට අමතරව තවත් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් වසර දෙකක කාලයක් සදහා අත්හිටුවා තිබෙනවා.

*ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මානසික උපදේශනයකට ද යොමු කිරීමට තීරණය වී තිබෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button