CRICKET NEWS

මෙම ඉන්දියානු බී කණ්ඩායමට පාකිස්තානය පරාජය කරන්න පුලුවන් – කැනෙරියා

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු තරඟ දෙක ජය ගැනිමත් සමඟ ඉන්දියාව තරඟාවලිය ජය ගැනිමට සමත් වුණා. ඉතින් මේ දෙවන තරඟයෙන් පසුව පාකිස්තාන හිටපු ක්‍රිඩක කැනෙරියා මෙලෙස පවසා තිබුනා.

මෙහිදි දඟ පන්දු යවන කුල්දීප් යාදව්ව පෙළඹවීම පිළිබඳව කැනේරියා ශ්‍රී ලංකා සංචාරයේ ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට ප්‍රශංසා කළේය. ඒ වගේම ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම ඉන්දියානු කණ්ඩායමට පාකිස්තාන කණ්ඩායන පවා පරාජය කිරිමට හැකි බවයි.

“මෙම ඉන්දීය කණ්ඩායම ක්‍රියා කරන ආකාරය, රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය කණ්ඩායම සමඟ කටයුතු කළ ආකාරය ඔහු සියලු ප්‍රශංසාවට ලක්විය යුතුයි. ඔහු කුල්දීප් යාදව්ව පෙලඹවූ ආකාරය, මෙම ඉන්දියා බී කණ්ඩායමට පවා නිසැකවම පාකිස්තානය පරාජය කළ හැකිය, ”ඔහු සිය යූ ටියුබ් නාලිකාවේ සඳහන් කළේය.

ඒ වගේම එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟකරුවන් දෙදෙනා ලෙස ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ අවසන් තරඟය සදහා පැමිණෙන බවද කැනේරියා අනාවැකි පළ කළහ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button