CRICKET NEWS

ඩේවිඩ් මිලර් සහ ටබ්‍රායිස් ෂම්සි දකුණු අෆ්‍රිකාවට ජය ගෙනෙයි

බෙල්ෆාස්ට්හිදී අයර්ලන්තයට එරෙහිව දෙවන විස්සයි 20 තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වීය. එම ජයක්ග්‍රහණය සදහා ඩේවිඩ් මිලර් සහ ටබ්‍රායිස් ෂම්සි වැදගත් කාර්යභාරයක් ඉටු කළහ.

එක් අවස්ථාවකදී දකුණු අප්‍රිකාව ලකුණු 58 කට කඩුලු 5 ක් ලබා සිටියදී ඩේවිඩ් මිලර් සහ වියාන් මෝල්ඩර් විශිෂ්ඨ සම්බන්ධතාවක් පවත්වමින් දකුණු අෆ්‍රිකාව ජයක්ග්‍රහී මාර්ගයට ගෙන එනු ලැබුවා

මෙහිදී මිලර් විසින් පන්දු 44කදි ලකුණු 75ක් ලබා ගත්තා. අවසානයේදි දකුණු අෆ්‍රිකාවට කඩුලු 7කට ලකුණු 159 ක් ලබා ගැනිමට හැකි වුණා

පිළිතුරු වශයෙන් අයර්ලන්තය කඩුලු අහිමිවීමත් සමඟම නොසන්සුන් ආරම්භයක් ලබා ගත්තේය. දකුණු අෆ්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්තා මතින් අයර්ලන්තයට ලබා ගත හැකි වුවේ ලකුණු 117පමණි. මෙහිදි ජෝර්න් ෆෝටූයින් සහ ෂම්සි කඩුලු 6 ක් බෙදා ගත් අතර හෙන්ඩ්‍රික්ස් කඩුලු 2 ක් දවා ගත්තේය.

අයර්ලන්තයේ ෂේන් ගෙට්කේට් ඔවුන්ගේ ඉනිමේදී වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වූයේ පන්දු 18 කදී ලකුණු 24 ක් ලබා ගනිමිනි. අයර්ලන්තය පන්දුවාර 19.3 කදී ලකුණු 117 කට දැවී ගියේය.

ජුලි 24 වනදා අවසන් විස්සයි 20 තරගය පැවැත්විමට නියමිතය. දකුණු අප්‍රිකාව මේ වන විට තරග තුනකින් සමන්විත තරඟාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටී.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button