CRICKET NEWS

ක්‍රිකට් ඉතිහාසයේ එල්ල කළ දැවැන්තම හයේ පහර ලිවිංස්ටෝන්ගෙන්ද ?

එංගලන්තය හා පාකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරගය අද ආරම්භ වුණා.

පළමු තරඟයේදී පකිස්තානය අසරණ කර දමමින් එංගලන්තය වෙනුවෙන් වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකයත් වේගවත්ම ශතකයත් ලබා ගැනීමට සමත් වූ ලියම් ලිවිංස්ටෝන් අද පැවති තරඟයේද විශිෂ්ට ඉනිමක් දියත් කරනු ලැබුවා.

තරඟයේ එංගලන්ත ඉනිමේ 15 වන පන්දුවාරය තුළ හැරිස් රවුෆ් යොමු කළ පන්දුවකට ලිවිංස්ටෝන් එල්ල කළ දැවැන්ත හයේ පහර නතර වුණේ ක්‍රීඩා පිටියෙන් එපිටටම ගොස්ය.

එම අවස්ථාව ක්‍රීඩා විස්තර විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයන්ද බොහෝ විමතියට පත්වූ අවස්ථාවක් බවට පත්වුණා.

තවමත් එම දැවැන්තේ හයේ පහරේ නිවැරදිම දිග ගණනය කිරීමක් සිදු කර නැතත් බොහෝ දෙනාගේ මතය වනුයේ එය තමන් දුටු දිගම හයේ පහර බවයි.

එම දැවැන්ත හයේ පහර පහළින් නැරඹිය හැකියි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button