Cricket RecordsLPL පුවත්

ලීග් දැවැන්තයින් ලංකා ප්‍රිමියර් ලීගය ලියාපදින්චි වෙයි

අයිසීසී ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් එක් අයෙකු වන, බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්, ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයින් වන බෙන් කට්ටිං සහ ජේම්ස් ෆෝක්නර්, දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ එක්දින හා විස්සයි 20 නායක ටෙම්බා බාවුමා දෙවන ලංකා ප්‍රිමියර් ලීගය සඳහා ලියාපදිංචි වී ඇති බවට වාර්තා වෙනවා

මිචෙල් මැක්ලේගන්, නිකලස් පූරන්, මොහොමඩ් මහමදුල්ලා, ෂර්ෆේන් රදෆර්ඩ්, රවී රම්පෝල්, ඩේවිඩ් වීසා සහ කැලම් ෆර්ගියුසන් යන ක්‍රීඩකයින් ලීග් පිටියේ දැවැන්තයින්ද මේ සදාහා ඉල්ලුම කර තිබෙන බවට ආරන්ච් වෙනවා. සිම්බාබ්වේහි බ්‍රෙන්ඩන් ටේලර්, නේපාලයේ සන්දීප් ලැමිචේන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ අලි ඛාන් ද මේ අතර වේ.

මහනුවර ටස්කර්ස් තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන්ගේ සහෝදරයා වන ඉන්දියාවේ යූසුෆ් පතන් ද තෝරා ගැනීම සඳහා ලබා ගත හැකි බවටද තොරතුරු ලැබි තිබුනා

තොරතුරු newswire වෙබ් අඩවියෙනි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button