CRICKET NEWS

මට ඔහු සමඟ පෞද්ගලික තරහක් නෑ- මිස්බා උල් හක්

පාකිස්තානයේ හිටපු නායක හා වත්මන් ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් විශ්‍රාම ගිය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්ට ජාතික කණ්ඩායමට නැවත පැමිණිම පිළිබඳව පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ.

අමීර් සමඟ කිසිදු පෞද්ගලික ගැටලුවක් නොමැති බව මිස්බා සනාථ කළ අතර අභාධ හා ඊට අඩු කාර්ය සාධනය(ෆිට්නස් මට්ටම හා දක්ශතා අඩු විම) හේතුවෙන් ඔහුව කාලයක් කණ්ඩායමෙන් ඉවත් කරන ලදී.

“මා කලින් කීවාක් මෙන්, අමීර් අභාධ හා යොග්‍යතාව අඩු වීම හේතුවෙන් කන්ඩායමෙන් ඉවත් කෙරු අතර පසුව ඔහු විශ්‍රාම යන බව නිවේදනය කළේය.

ඔහු සිය විශ්‍රාම දිවිය අවසන් කර ආපසු හොඳින් ක්‍රීඩා කරන්නේ නම්, අනෙක් සෑම ක්‍රීඩකයෙකුටම මෙන් නැවත පැමිණීමට ඔහුටත් දොර විවෘත වෙලා තිබෙනවා.

මට ඔහු සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නොමැති අතර මම මීට පෙරද එය ප්‍රකාශ කර ඇත්තෙමි. ”

මිස්බා මාධ්‍ය හමුවකදී පැවසීය.

 

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button