CRICKET NEWS

නවසීලන්ත වේග පන්දු බලඇණිය ඉදිරියේ ඉන්දියාව ලකුණු 217 කට සීමාවෙයි.

ජැමීසන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඉන්දියාව 270 කට සීමා වෙයි.

2019-20 ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව හා නවසීලන්තය අතර මේ දිනවල පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ කේන් විලියම්සන් මුලින් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කර සිටියා.

ඉනිම ආරම්භ කරමින් රෝහිට් ෂර්මා හා ෂුබ්මන් ගිල් ලකුණු 62 ක් එක්කොට සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත් ඉන්දීය ඉනිම ලකුණු 217 කට සීමා කරන්නට නවසීලන්ත වේග පන්දු බල ඇණිය සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් කිසිම පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව පසු කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ අජින්කෙයාර් රහනේයි. ඔහු ලකුණු 49 කටත් විරාට් කෝලි ලකුණු 44 කුත් ලබා ගන්නා ලදි.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කයිල් ජැමිසන් කඩුළු 5 ක් බිඳ හෙළීමට සමත් විය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම කඩුළු 5 අවස්ථා ගණනක් ලබාගත් පන්දු යවන්නා බවට පත් වීමටද ජැමීසන් සමත් විය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button