CRICKET NEWSLPL පුවත්

පෙර වසරේ දී කණ්ඩායම් හිමිකාරිත්වය දරපු හිමිකරුවන්ගේ සහභාගීත්වය පිළිබඳ යම් යම් අවිනිශ්චිතතාවයන් තියෙනවා – රවීන් වික්‍රමරතන මහතා

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලී මස 30 වෙනිදා ආරම්භ වීමට නියමිතය. ඉතින් ඒ හෙතුවෙන් ක්‍රීඩකයන් ලීයාපදින්චි කිරිම අද(20) දිනයේ ආරම්භ වීය.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක් වූ රවීන් වික්‍රමරත්න මහතා මෙසෙල ප්‍රකාශ කර සිටියා.

“දැනට සැලසුම් කරලා තියෙන විදිහට අපි මේ තරගාවලිය ඒ කාලවකවානුව තුල පවත්වන්න සූදානමින් ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු ටිකත් දැනට නියමිත පරිදි අපි කරගෙන යනවා. එහෙම නැතිනම් මේ තරගාවලිය වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන වෙළඳ සහකරුවන්ගේ සහ කණ්ඩායම් හිමිකරුවන්ගේ විශ්වාසය දිනා ගන්න අපිට අමාරු වෙනවා. එහෙම නැති වුනාම මේ තරගාවලියේ ඉදිරි පැවැත්මට ඒක බාධාවක් වෙන්න පුළුවන්.”

“මෙම වසරේ LPL තරගාවලිය සඳහා පෙර වසරේ දී කණ්ඩායම් හිමිකාරිත්වය දරපු හිමිකරුවන්ගේ සහභාගීත්වය පිළිබඳ යම් යම් අවිනිශ්චිතතාවයන් තියෙනවා හැබැයි ගාල්ල සහ යාපනය කණ්ඩායම් වල දැනට එහෙම ගැටලුවක් නැහැ. IPG ආයතනයට සහ අපිට අනෙක් කණ්ඩායම්වල හිමිකාරිත්වයත් ඉක්මනින්ම තහවුරු කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා” යැයි වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

දෙවන වරටයි මේ වසරෙදි ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගය ආරම්භ වීමට නියමිතව තිබෙන්නෙ. එහි පළමු ශූරතාව දිනා ගැනිමා යාපනය කණ්ඩායම සමත් වීය.

තොරතුරු papare වෙබ් අඩවිය හා sanday times ආයතනයට ස්තුතිය හිමි විය යුතුය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button