CRICKET NEWS

කෙවින් ඕ බ්‍රයන් වසර 15 ක එක්දින ක්‍රිකට් පපිටියට සමුදෙයි.

අයර්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩක කෙවින් ඕ බ්‍රයන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

අවුරුදු 15 ක සේවයෙන් පසුව 37 හැවිරිදි බ්‍රයන් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති අතර ඔහුගේ සටන්කාමී ශෛලිය සහ පන්දුවාර කිහිපයකින් තරගයක් වෙනස් කිරීමට ඔහුට ඇති හැකියාව නිසා අවස්ථා ගණනාවකදීම අයර්ලන්තය දිනවීමට ඔහු සමත් විය.

ඔහු එක්දින තරග දිවිය අවසන් කළේ ලකුණු 3,618 ක් රැස් කර කඩුලු 114 ක් දවා ගනිමිනි. කෙවින ඕ බ්‍රයන් විශේෂ වන්නේ එංගලන්තය, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් වැනි ප්‍රභල කණ්ඩායම් වලට එරෙහිව පවා පන්දුව හොඳින් පහර දීමට ඔහුට ඇති හැකියාව නිසාවෙනි.

කෙවින් ඕ බ්‍රයන් අවසන් වරට කියා සිටියේ,
“අයර්ලන්තය වෙනුවෙන් වසර 15 ක් ක්‍රීඩා කිරීමෙන් පසුව, එක්දින තරඟ රටාවද සමුදී විශ්‍රාම ගැනීමට සුදුසුම කාලය මෙය බව මට හැඟේ. 153 වතාවක් මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් හා වරප්‍රසාදයක් වන අතර ඔවුන්ගෙන් මා ගන්නා මතකයන් ජීවිත කාලය පුරාම පවතිනු ඇත. මෙය පහසු තීරණයක් නොවේ. නමුත් මට අතීතයේ දී මෙන් එක්දින කණ්ඩායමට දායක විය හැකි යැයි මට හැඟෙන්නේ නැත.”

“2006 සිට මම කණ්ඩායම සමඟ ඇදහිය නොහැකි ජයග්‍රහණ කිහිපයක් ලබාගෙන තිබේ. දැන් මගේ සම්පූර්ණ අවධානය යොමු කර විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවට කැපවීමෙන් සිටිමි.”

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button