CRICKET NEWSTODY HIT NEWS

සුපිරි ක්‍රිකට් ක්‍රිඩක තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රිඩාවට සමුදෙයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් ලකුණ හයේ පහරක් සමගින් ලබාගත් ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රිඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදීමට තීරණය කර ඇත.

ලිපියක් මාර්ගයෙන් මේ බව තිසර පෙරේරා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

මෙයට නිෂ්චිත හෙතුවක් තවමත් දැන ගැනිමට නොහැකි වු අතර අරංචි මාර්ග පවසන්නේ තේරීම් කමිටුව විසින් නවක ක්‍රිඩකයන් අත් හදා බැලිමට තීරණය කිරිම මගින් ජේෂ්ඨ ක්‍රිඩකයන්ට තම ස්ථානය අහිමි විම මෙලෙස තිසර ඉල්ලා අස් විමට හෙතුව වී ඇති බව‍ය.

කෙසෙ නමුත් ගිය වර පැවති LPL තරඟාවලියේ ශූරතාව දිනු ජැෆ්නා කණ්ඩායමේ නායකයා වන්නේද තිසර පෙරේරායි. එමෙන්ම පන්දු වාරයකට හයේ පහර හයක් එල්ල කළ එකම පිතිකරුවා වන්නෙද තිසර පෙරේරායි.

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ තිසර ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කළ මෙහෙය අපිරිමිතය. ස්තූතියි මිත්‍රයා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරපු මෙහෙයට ඒ වගේම ඔබේ අනාගතයට සුභ පැතුම්…

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button