Uncategorized

ප්‍රවීන් ජයවික්‍රමගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 156 වන ක්‍රීඩකයා ලෙස ප්‍රවීන් ජයවික්‍රම ඉතිහාසයට එක්වුණා.

සිය මංගල ටෙස්ට් තරඟයේ මංගල ඉනිමේදීම කඩුළු 6 ක් බිඳ හෙළීමට සමත් වුණු ප්‍රවීන් වාර්තා පොත් අළුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ පන්දු යවන්නෙකු ඉනිමකදී වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසයි. (6/92)

ඉන් නොනැවතී දෙවන ඉනිමේදීද විශිෂ්ට පන්දු යැවීමක නිරත වන ප්‍රවීන් තවත් කඩුළු 3 ක් ලබා ගත්තේ නැවත වතාවක් ශ්‍රී ලංකා ටෙස්ට් වාර්තා පොත අළුත් කරමිනි.

ඒ මංගල ටෙස්ට් තරඟය තුළ කඩුළු 9 ක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා තමන් බවට පත් වෙමිනි.

මීට පෙර මංගල ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ටතම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කීවේ අකිල දනන්ජයයි.

එහි සාරාංශය පහත දැක්වේ.

9/170 – ප්‍රවීන් ජයවික්‍රම
බංග්ලාදේශයට එරෙහිව 2021 දී ***

8/44 – අකිල දනන්ජය
බංග්ලාදේශයට එරෙහිව 2018 දී

8/132 – අජන්ත මෙන්ඩිස්
පකිස්තානයට එරෙහිව 2008 දී

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button