ANALYSIS

හෙට පැවැත්වෙන කොල්ක්ටා vs බැංගලෝර් තරඟයේ පෙරදැක්ම

රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර මේ වසරේ දෙවන තරඟය හෙට පැවැත්විමට නියමිතයි.

දෙපිළ පළමු තරඟය ලකුණු 38කින් ජය ගැනිමට සමත් වුයේ රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් කණ්ඩායමයි. ඒ වගේම දෙපිළ අත අවසන් තරඟ 5 න් තරඟ 4 ජය ලබා ගැනිමටත් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබෙනවා. කොල්කටා පිළට හිමිව ඇත්තේ තරඟ 1 ජය පමණයි.

කෙසෙ නමුත් දෙපිළ අතර ඉතිහාසය ගත් කළ තරඟ 27 පවත්වා ඇති අතර එයින් වැඩි ගෞරව සහිතව තරඟ 14 ජය කොල්කටා පිළට හිමිව ඇත. නෙක් තරඟ 13 ජය බැංගලෝර් පිළට හිමිව තිබෙනවා.

කොල්කටා පිළ බැංගලෝර් පිළට එරෙහිව වැඩිම ලකුණු ලෙස 222ක්ද අඩුම ලකුණු ලෙස 84ක්ද ලබා ගෙන තිබෙනවා.

බැංගලෝර් පිළ කොල්කටා පිළට එරෙහිව වැඩිම ලකුණු ලෙස 213ක්ද අඩුම ලකුණු ලෙස 49ක්ද ලබා ගෙන තිබෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button