CRICKET NEWS

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරඟයේ තෙවන දිනය නිමා වනවිට දෙවන ඉනිම සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 17 ලබා සිටියේය.

දිමුත් කරුණාරත්න නොදැවී 13යි.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට ලකුණු 259ක් ඉදිරියෙන් සිටී.

තරඟයේ පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 493ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ඒ අනුව, සිය පළමු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු 251කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

එහිදි සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 06ක් දවාගැනීමට සමත්වු අතර ඔහු වාර්තා පොත් අතරට එක්වුයේ මංගල ටෙස්ට් තරඟයේදී කඩුලු 05ක් දවා ගත් පස්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

රමේෂ් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්විය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button