IPL 2021

අවසාන පන්දුවාරයට හයේ පහරවල් 5 ක් එල්ල කළ ජඩේජාගේ IPL වාර්තාව.

චෙන්නායි සුපර් කින්ග්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර තරගය මේ වන විටදී මුම්බායි හීදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කින්ග්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 4 ක් දැවී මුළු ලකුණු 191 ක් ලබා ගන්නවා.

19 වන පන්දුවාරය අවසානයේදී ඔවුන්ගෙ ලකුණු 154 ක් ලෙස නමුත් 20 වන පන්දුවාරය යැවූ හර්ෂාල් පටෙල්ට එරෙහිව තවත් ලකුණු 37 ක් ලබා ගැනීමට චෙන්නායි පිල සමත් වෙනවා.

අයි.පී.එල් ඉතිහාසයේ එක් පන්දුවාරයකට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවාගේ වාර්තාවට සමව හිමිකම් කීමට ජඩේජා අද සමත් වුණා.

36 – Gayle off Parameswaran, 2011
36 – JADEJA off Harshal, 2021 ***

එමෙන්ම අයි.පී.එල් ඉතිහාසයේ 20 වන පන්දුවාරයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා ජඩේජා ලෙස සටහන් විය.

අවසාන පන්දුවාරය දැක්වුණේ මෙලෙසයි.

19.1 පන්දුව – 6
19.2 පන්දුව – 6
19.3 පන්දුව – 6+nb
19.3 පන්දුව – 6
19.4 පන්දුව – 2
19.5 පන්දුව – 6
19.6 පන්දුව – 4

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button