IPL 2021SOCIAL NEWS

ස්ටෝක්ස් ලිවිංස්ටෝන් ‍රාජස්ථාන් පිලට අහිමි වෙද්දී තවත් දකුණු අප්‍රිකානුවෙක් සංචිතයට.

 

2021 අයි.පී.එල් තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා තුවාල ලැබූ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් වෙනුවට දකුණු අප්‍රිකානු පිතිකරු ක්‍රීඩක රැසීව් වැන්ඩර් ඩුසේන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් එක් කරගැනීමට තීරණය කොට ඇත.

පන්ජාබ් කිංග්ස් පිලට එරෙහිව පළමු තරඟයේදී උඩ පන්දුවක් රැක ගැනීමට ගිය බෙන් ස්ටොක්ස් ආභාධයකට ලක්වූ අතර පසුව හෙළි වූයේ මෙය අස්ථි බිඳීමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි. කෙසේ වෙතත් ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය සතියේ නැවත එංගලන්තය බලා පිටත්ව ගියා.

සමස්ත අයි.පී.එල් තරඟාවලිය වෙනුවෙන් ලියම් ලිවිංස්ටෝන්, ජොෆ්රා ආචර් දැනටමත් ඔවුන්ට අහිමි වී සිටියි. නෙට්වර්ක් 24 හි වෙබ් අඩවියේ වාර්තාවකට අනුව 32 හැවිරිදි මැද පෙළ දකුණු අප්‍රිකානු මැද පෙළ පිතිකරු වැන්ඩර් ඩුසේන් පවසා ඇත්තේ ඔවුන් හා එක්වීමට රාජස්ථාන් රෝයල්ස් පිලේ කළමනාකාරීත්වයෙන් ඔහුට ඇමතුමක් ලැබී ඇති බවයි.

දැන් ඔහුට සඳුදා දින (අප්‍රේල් 24) යෝග්‍යතා පරීක්ෂණයකට භාජනය වීමට සිදුවනු ඇති අතර එහි ප්‍රතිඵලයෙන් පසු ඩුසෙන් රාජස්ථාන් රෝයල්ස් පිල වෙනුවෙන් එක්වනු ඇත.

ඔහු රාජස්ථාන් රෝයල්ස් පිල සමඟ සම්බන්ධ වුවහොත් දකුණු අප්‍රිකාවේ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු වන ඩේවිඩ් මිලර් සහ ක්‍රිස් මොරිස් සමඟ ක්‍රීඩා කිරීමට හැකිවනු ඇත.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button