ANALYSISCRICKET NEWS

වසර 16ක් කාටවත් කළ නොහැකි දෙයක් දිමුත් හා තිරිමාන්න කරයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟයෙදි ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්නත් ලහිරු තිරිමාන්නත් පළමු කඩුල්ලට ශතක සම්භන්ධතාවක් පැවැත්විමට කටයුතු කරා.

ඉතින් මේ ශතක සම්බන්ධතාවය දැක් වුණේ දිමුත් හා තිරිමාන්න විසින් පිට පිට පැවැත් වූ දෙවන ශතක සම්බන්ධතාව ලෙසයි. මිට පෙර ඔහුන් දෙපිළ බටහිර ඉන්දිය කොදෙව් දෙශයට එරෙහිව අවසන් වරට පැවති තරඟයෙත් ශතක සම්භන්ධතාවක් පවත්වා තිබුණි.

ඉතින් මෙලෙස ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක් පිට පිට ඉනිම දෙකක ශතක සම්භන්ධතාවන් දෙකක් පැවැත් වුයේ වසර 16ක් හා මාස 11කට පසුවයි.

මිට පෙර සනත් ජයසූරිය හා හා මාවන් අතපත්තු විසින් (281 & 100) 2004 වසරේ සිම්බාබ්වේ පිළට එරෙහිව ලබාගෙන තිබුන ශතක සම්භන්ධතා යුගලට පසුව දිමුත් හා තිරිමාන්න මේ වසරෙදි මෙම වාර්තාව අලුත් කරන ලදි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button