ANALYSISCRICKET NEWS

ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ශැන්ටොගේ ශතකය වාර්තා රැසක් අලුත් කරයි

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙනවා. පළමු දිනයටම ලකුණු 300 වඩා ලබා ගත් බංග්ලාදේශය ශක්තිමත් ලෙස තරඟයට අවතීර්ණ වී තිබෙනවා.

මෙහිදි විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ නජ්මුල් හුසෙන් ශන්ටො ලකුණු 163ක් ලබා ගත්තේ පන්දු 378කිනි ඔහුගේ ඉනිමට හතරේ පහර දා හතක් හා එක් හයේ පහරක් ඇතුලත් වුණා.

ඒ මේ අගනා ඉනිමත් සමඟ බංග්ලාදේශයට වාර්තා රැසක් අලුත් කිරිමට හැකි වුණා. පහතින් ඒ වාර්තා ඔබට දැක බලා ගත හැක.

ශ්‍රී ලංකා බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟයකදි තුන් වන කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව.

242 – ශැන්ටො & මොනිමුල් හක් 2021***
236 – මොනිමුල් හක් & මුශ්ෆිකර් රහිම් 2018

ශ්‍රී ලංකා බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟයකදි දෙවන වන කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව.

232 – ඉමෘල් කයිස් & සම්සුර් රහුමාන් 2021***
144 – ශැන්ටො & තමිම් ඉක්බාල් 2021***

එමෙන්ම බංග්ලාදේශය හා ශ්‍රී ලංකා අතර ශ්‍රී ලංකාවේදි පැවැත්වු තරඟයක දෙවන කඩුල්ලට ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයක් සැන්ටො හා තමිම් ඉක්බාල්ට හිමිය.

එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟයක ඔනෑම කඩුල්ලක් සඳහා ලබා ගත් දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව.

267 – මොහොමඩ් අශ්‍රාෆුල් & මුශ්ෆිකර් රහීම් 2013***
242 – ශැන්ටො & මොනිමුල් 2021***

එමෙන්ම ඔනෑම රටකට එරෙහිව තුන්වන කඩුල්ලට බංග්ලාදේශ පිතිකරු යුගලක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව.

242 – ශැන්ටො & මොනිමුල් හක් 2021***
236 – මොනිමුල් හක් & මුශ්ෆිකර් රහීම් 2018

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button