IPL 2021

මාලිංගගේ වාර්තාව තමන් සතුකර ගැනිමට සැරසෙන මිශ්‍රා

අයි.පී.එල්. තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නෙ ලසිත් මාලිංගයි. එය කව්රුත් දන්නා නොරහසකි. මාලිංග විසින් අයි.පී.එල්. තරඟාවලි ඉතිහාසයේ කඩුලු 170ක් දවාගනිමින් ප්‍රථම ස්ථානයේ රැදි සිටිනවා.

ගිය වර(2020) තරඟාවලියත් ක්‍රිඩා නොකළ මාලිංග මෙවර(2021) අයි.පී.එල්. ක්‍රිඩක වෙන්දෙසිය ආරම්භ විමට ප්‍රථම මාලිංග සියලුම වර්ගයේ ලිග් තරඟ වලින් සමුගන්නා බවට ප්‍රකාශ කළා

ඉතින් ඒ හෙතුවෙමන් දෙවන ස්ථානයේ රැදි සිටින අමිත් මිශ්‍රා හට ගිය වසරේ සිට විශාල අවස්ථාවක් ලැබුනා මාලිංග පසු කර යැම සඳහා. නමුත් පසුගිය වසරෙදි(2020) ආභාධ තත්වයකට මුහුණ දිම නිසා ඔහුට වැඩි තරඟ ප්‍රමාණයකට මුහුණ දිමට සිදු නොවිය.

කෙසෙ නමුත් කඩුලු 160 ලබා ගෙන තිබෙන අමිත් මිශ්‍රා අද තරඟය ක්‍රිඩා කර කඩුලු 4ක් දවා ගත්තේ මුම්බායි පිළ අඩු ලකුණු සංඛාවකට දවා ගැනිමට දිල්ලි පිළට විශාල සහයොගයක් ලබා දෙමිනි.

එත් සමඟම කඩුලු 164ක් සමඟින් තවත් කඩුලු 6ක් පිටුපසින් මාලිංගට වඩා අමිත් මිශ්‍රා රැදි සිටිනවා.

 

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button