CRICKET NEWSIPL 2021

දිනක් තුළ තුන්දෙනෙක් අතට මාරු වූ තැඹිලි හිස්වැස්ම

ඊයේ(18) දිනයේදි අයි.පී.එල්. තරඟාවලියේ තරඟ දෙකක් පැවැත්වුණා. ඒ කොල්කටා පිළ හා බැංගලෝර් පිළ අතර තරඟයක් හා පන්ජාබ් පිළ හා දිල්ලි පිළ අතර තරඟයකුත් වශයෙණි.

ඉතින් ඊයේ දිනයේ ආරම්භ වන විට අයි.පී.එල්. තරඟාවලියේ තැඹිලි වර්ණ හිස පළදනාව(තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාට පිරිනමන හිස පළදනාව) හිමිව තිබුණේ කොල්කටා පිළ නියොජනය කරන නිතිශ් රානා සතුවයි. ඒ ලකුණු 137 ලබාගෙනයි.

ඉතින් පළමු තරඟය වු කොල්කටා පිළ හා බැංගලෝර් පිළ අතර තරඟයෙදි ආර්ධ ශතකයක් ලබා ගත් මැක්ස්වෙල් නිසා නිතිශ් රානාට එම හිස පළදානව අහිමි විය. මැක්ස්වෙල් ලකුණු 175 ලබාගෙන ඊයේ දිනය හවස් වන විට තැඹිලි පැහැති හිස පළදනාවේ හිමි කරු වුවා.

මැක්ස්වෙල්ට ඒ සතුට වැඩි වෙලා තියෙන්න නොදෙමින් ශිකර් ධාවාන් පන්ජාබ් පිළ එරෙහිව ලකුණු 92ක් ලබා ගනිමින් තැඹිලි හිස පළදනාවේ හිමි කරු බවට පත් වුවා. ඔහු ඉනිම 3කදි ලකුණු 186ක් ලබාගෙන පෙරමුණ ගෙන සිටිනවා.

 

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button