CRICKET NEWSIPL 2021

පළමු ස්ථානය හා පහසු ජයක් බැංගලෝර් පිළට හිමි වේ

මෙවර අයි.පී.එල්. තරඟාවලියේ 10 වන තරඟය ලෙස රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය චෙන්නායි හිදි පැවැත්වුණා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් බැංගලෝර් නායක විරාට් කෝලී පළමුව පන්දුවට පහරදිමට තීරණය කරා. ඒ අවසරයෙන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 204ක් ලබා ගත්තේ කඩුලු 4ක් පමණක් ලබා දෙමිණි.

පළමු කඩුල්ල ලකුණු 6දිත්, දෙවන කඩුල්ල ලකුණු 9දිත් දැවි ගිය මොහතක ඉනිම ශක්තිමත් කළ ග්ලෙන් මැක්ස්වෙල් හා ඒ.බී. ඩිවිලියස් දෙදෙනායම අර්ධ ශතක ලබා ගත්තෙය.

බැංගලෝර් පිළ 204/4

ඒ.බී. ඩිවිලියස් 76*(34)
ග්ලෙන් මැක්ස්වෙල් 78(49)
දෙව්දත් පඩික්කාල් 25(28)

වරුන් චක්‍රවර්තී 3/41(4)
ප්‍රසිද් ක්‍රිශ්ණා 1/31(4)
පැට් කමින්ස් 1/34(4)

ලකුණු 205 දැවැන්ත ඉලක්කයක් හබා යැමට පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමේ පිතිකරන බල ඇණියට වැඩි වෙලා පිටියේ රැදිසිටින්නට බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ දුන්නෙ නැත. ඒ අවසරයෙන් ඔවුන්ට ලබා ගත හැකි වුයේ ලකුණු 166ක් පමණි. ඒ හෙතුවෙන් තමන් සහභාගි වු තුන්වන තරඟයත් ජය ගත් බැංගලෝර් පිළ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලබා ගැනිමට හැකිවිය.

කොල්කටා පිළ 166/8

ඇන්ඩෘ රසල් 31(20)
ඔයින් මොගන් 29(23)
ශකිබ් අල් හසන් 26(25)

කයිල් ජෙමිසන් 3/41(3)
හර්ශල් පටෙල් 2/17(4)
යුශ්වෙන්දර් චහල් 2/34(4)

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button