CRICKET NEWS

21 ශතවර්ෂයේ පළමු දශකයේ එක්දින ක්‍රිඩකයා බවට මුර්ලිදරන් පත්වෙයි

විස්ඩන් සඟරාව 2000 මුල් දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.

මුරලිදරන් එම දශකය තුළ කඩුලු 335 ක් දවාගැනිමින් දශයකදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස ද වාර්තාවක් පිහිටුවා තිබුණි.

මුත්තයියා මුරලිදරන් 2010 වසරේ ටෙස්ට් කඩුලු 800 ක් දවාගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස නව වාර්තාවක් ද පිහිටුවීය.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික කඩුලු ලාභියා ද වන මුරලිදරන් එක්දින ජාත්‍යන්තර 534 ක් ද දවාගැනීමට සමත් විය. මුරලිදරන් 2011 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

මිට අමතරව 2010 දශකයේ එක්දින ක්‍රිඩකයා ලෙස විරාට් කොලී නම් කර තිබේ.

1990 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්.

1980 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හිටපු ඉන්දීය නායක කපිල් දේවි නම් කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් පළමු දශකය හෙවත් 1970 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි නම් කර ඇත්තේ.

උපුටා ගැනිම හා තොරතුරු හා ගෞරවය ලංකාදීප වෙබ් අඩවියෙන් හා hitwicket වෙබ් අඩවියෙණි.

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button