ANALYSISIPL 2021

පෙර දැක්ම – දිල්ලි vs පන්ජාබ් තරඟයේ සම්පුර්ණ විස්තරය

අයි.පී.එල්. තරඟාවලියේ 11 වන තරඟය අද(18) පැවැත්වෙනවා. අද දිනය තුළ තරඟ දෙකක් පැවැත්වෙන බැවින් මෙම තරඟය රාත්‍රියෙදි පැවැත්වෙනවා.

ගූගල් ආයතනයට ආනුව 57% ප්‍රතිශතයක් දිල්ලි කණ්ඩායමට මෙම තරඟය ජයක්ග්‍රහණය කිරිම සඳහා අවස්ථාව ඇත.

මුම්බායි හී වන්කඩේ පිටියෙදි පැවැත්වෙන මෙම තරඟය සඳහා ලොකෙශ් රාහුල් මෙහෙයවන පන්ජාබ් කිංග්ස් කණ්ඩායමත් රිශබ් පාන්ට් මෙහෙය වන දිල්ලි කැපිටල් කණ්ඩායමත් ක්‍රිඩා කරනවා.

මෙතෙක් පුරාවට දෙපිළ අතර තරඟ 26 පවත්වා ඇති අතර එහිදි වැඩි ගෞරව සහිතව තරඟ 15ක ජය හිමිව ඇත්තේ පන්ජාබ් කණ්ඩායමටයි. දිල්ලි පිළ ජයගෙන ඇත්තේ තරඟ 11ක් පමණි.

පන්ජාබ් පිළ දිල්ලි පිළට එරෙහිව වැඩිම ලකුණු ලෙස 202කුත් අඩුම ලකුණු ලෙස ලකුණු 104කුත් ලබා ගෙන තිබෙනවා.

දිල්ලි පිළ පන්ජාබ් පිළට එරෙහිව වැඩිම ලකුණු ලෙස 231 කුත් අඩුම ලකුණු ලෙස ලකුණු 67කුත් ලබා ගෙන තිබෙනවා.

හෙට තරඟය ක්‍රිඩා කරහැකි කණ්ඩායම් පහත දැක්වේ.

දිල්ලි කැපිටල්

ශිකර් ධාවාන්
ප්‍රිත්වි ශෝ
අජින්කයා රහානේ
රිශබ් පාන්ට්
මාකස් ස්ටොනිස්
ලලිත් යාදෙව්
රවිචන්ද්‍ර අශ්වින්
ක්‍රිස් වොක්ස්
කගීසෝ රාබඩා
ඇන්‍රිච් නොටියා
ආවේශ් ඛාන්

පන්ජාබ් කිංග්ස්

ලොකෙශ් රාහුල්
මායක් අගර්වාල්
ක්‍රිස් ගෙල්
ඩෙවිඩ් මලාන්
දිපක් හූඩා
ශාරුක් ඛාන්
ජෙයි රිචඩ්සන්
මොහොමඩ් ශමී
රිලි මෙරිඩිත්
රවී බිශ්නොයි
අශ්දීප් සිං

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button