IPL 2021

අරුම පුදුම පෙරලියක් වු හයිද්‍රාබාද් VS බැංගලෝර් තරඟය ❤

IPL තරඟාවලියේ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායන හා රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟය අද පැවැත් වුණා.

පළමුව පන්දුවට පහර දුන්නේ බැංගලෝර් කණ්ඩායමයි ඔවුන් නියමිත පන්දුවාර 20ට ලකුණු 149ක් ලබා ගත්තා.

තරඟයේ අවසන් බාගයේ බැංගලෝර් පිළේ කඩුලු රැසක් දැවි ගිය මොහොතක කණ්ඩායමේ බර කරට ගත් මැක්වෙල් අර්ධ ශතකයක් ලබා ගනිමින් බැංගලෝර් ඉනිම ශක්තිමත් කළා.

රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් 149/8

විරාට් කොලී 33(29), ග්ලෙන් මැක්ස්වෙල් 59(41)

ජෙසන් හොල්ඩර් 30/3
රශිඩ් ඛාන් 18/2

ලකුණු 150 ක ඉලක්කයක් හබා යැමට පිටියට පිවිසි හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භය සාර්ථක වුවේ නැත. නමුත් ඉන් පසුව පිටියට පිවිසි මනිශ් පාන්ඩේ සමඟ එක් වු ඩෙවිඩ් වොනර් හයිද්‍රාබාද් පිළේ ජය පෙනෙන මානයට තරඟය රැගෙන ආවා.

ඒ අතර තුරදි වොනර් අවාසනාවන්ත ලෙස ලකුණු 54කට දැවි ගියා. ඉන් අනතුරුවත් ශක්තිමත්ව තිබු හයිද්‍රාබාද් ඉනිම කඩුලු 8 අතැතිව පන්දු වාර 16 තුළදි ලකුනු 115ක් ලබා ගෙන තිබුනා.

නමුත් ඉනිම වෙනස් විමට ගියේ එක පන්දු වාරයයි. ඒ ශබාස් අහමඩ්ගේ පන්දුවාරය අතර තුර සිදු විය. 17 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ ශබාස් ලකුණක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දාවා ගත්තා.

115/2(16) ලෙස ප්‍රභලව තිබු ඉනිම 130/7(18.3) ලෙස දැක් වුයේ ඇසිල්ලකිනි. කෙසෙ නමුත් මේ දුර්වල පන්දුවට පහර දිම හමුවේ ලකුණු 6කින් පරාජය වැලද ගැනිමට හයිද්‍රාබාද් පිළට සිදු විය.

සන් රයිසස් හයිද්‍රාබාද් 143/9

ඩෙවිඩ් වොනර් 54(37), මනිශ් පාන්ඩේ 38(39)

මොහොමඩ් සිරාජ් 25/2
ශබාස් අහමඩ් 7/3(2)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button