ANALYSISCRICKET NEWS

එක්දින කිරුළ හිමි වු බාබර්ගේ වාර්තා පිට වාර්තා තැබු ඉනිම

අද පැවති පාකිස්තානය හා දකුණු අෆ්‍රිකාව අතර විස්සයි විස්ස තරඟය කඩුලු 9කින් ජය ගැනිමට පාකිස්තානය සමත් වුයේ බාබර් අසාම්ගේ විශිෂ්ට ඉනිම හෙතුවෙනි.

පන්දු 59කින් ලකුණු 122ක් ලබා ගත් බාබර් අසාම් අද ජාතික වාර්තා දෙකක හිමි කරුවෙකු වුවා.

දකුණු අෆ්‍රිකාව ලබා ගත් ලකුණු 203ට පිළිතුරු වශයෙන් පන්දු වාර 18කදි ලකුණු 205ක් ලබා ගෙන කඩුලු 9කින් ජය ගැනිමට පාකිස්තානය සමත් වුණා.

අද එල්ල කළ ඉනිමත් සමඟම පන්දු 49 කදි ශතකය ලබා ගත් බාබර් අසාම්,

විස්සයි විස්ස ශතකයක් ලබා ගැනිමට පාකිස්තාන පිතිකරුවෙකු වැය කළ අඩුම පන්දු ගණනෙහි වාර්තාව බාබර්ට හිමි විය.

එමෙන්ම දකුණු අෆ්‍රිකාවට එරෙහිව ශතකයක් ලබා ගැනිමට වැය කළ අඩුම පන්දු වාර්තාවත් බාබර්ට හිමි විය.

විශ්මයට කරුණ නම් අද දිනයෙම බාබර් අසාම් එක්දින ශ්‍රේණිගත කිරිම් හි පළමු තැන ගැනිමට සමත් වුණා

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button