IPL 2021

ඇන්ඩෘ රසෙල්ගෙන් නව අයි.පී.එල් වාර්තාවක්.

 

මුම්බායි ඉන්දියන්ස් පිල හා කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර තරඟය අද චෙන්නායි හීදී ආරම්භ වුණා.

කාසියේ වාසියේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දීමට පැමිණි මුම්බායි ඉන්දියන්ස් පිල පළමු ඕවර 10 අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 81 ක් ලෙස ලබා සිටි නමුත් අවසානයේදී පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ගොස් ඔවුන් ලබා ගනුයේ ලකුණු 152 ක් පමණයි.

මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් සූර්යකුමාර් යාදෙව් අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා.

17 වන පන්දුවාරයේදී පන්දුව අතට ගත් කොල්කටා පිලේ ඇන්ඩෘ රසෙල් පන්දුවාර 2 ක් පමණක් යවමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ අවසාන කඩුළු 5 ම දවා ගැනීමට සමත් විය.

හර්දික් පාණ්ඩ්‍යා 15(17), කිරන් පොලාර්ඩ් 5(8), කෲනල් පාණ්ඩ්‍යා 15(9), මාර්කෝ ජැන්සන් 0(1), රාහුල් චහාර් 8(7) හා ජස්ප්‍රිට් බුම්රා 0(1) එසේ රසෙල්ගේ ගොදුරු බවට පත් විය.

එය සටහන් වූයේ අයි.පී.එල් ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර 2 ක් පමණක් යවමින් කඩුළු 5 ක් දවාගත් පළමු හා එකම පන්දු යවන්නා බවට වාර්තා පොත් අළුත් කරමිනි.

එමෙන්ම රසෙල්ගේ එම විශිෂ්ට පන්දු යැවීම ඉතිහාසයට එක්වූයේ මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව පන්දු යවන්නෙකුගේ හොඳම පන්දු යැවීම ලෙසයි. (5/15)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button