AUSTRALIA v INDIACRICKET NEWS

මේ අවස්ථාවේදී ලෙජන්ඩ්ස් පිල හා ජාතික කණ්ඩායම අතර තරගය පැවැත්වීම සුදුසු නෑ – ඩිල්ෂාන්

එළඹෙන මැයි මස 4 වන දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල අතර විස්සයි විස්ස තරඟයක් පැවැත්වීමට සූදානම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් කොට තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් පවසා සිටියේ එම තරඟය මෙම අවස්ථාවේදී පැවැත්වීම සුදුසු නොවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කර යම් හෙයකින් යෝජිත තරඟය වත්මන් ජාතික කණ්ඩායමට එරෙහිව ජය ගනු ලැබුවහොත් එය ජාතික කණ්ඩායම නියෝජනය කරන වත්මන් තරුණ ක්‍රීඩකයින්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

ජේෂ්ඨ ක්‍රීඩකයින් ලෙස අප මේ මොහොතේ කළ යුතු වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට එක්වන තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය ලබාදීම බවයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button