ANALYSISCRICKET NEWS

කවුරුත් ආදරේ කරන මුම්බායි පිළේ හිටපු නායකයන් 7 දෙනා

මුම්බායි ඉන්දියන් පිළ කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් ආදරය කරන අයි.පී.එල්. තරඟාවලිය නියොජනය කරන කණ්ඩායමක්.

ඉතින් අද අපි සිතුවා මේ කවුරුත් ආදරය කරන මුම්බායි ඉන්දියන්ස් පිළ නායකත්වය කරපු නායකයන් ගැන සොයා බලන්න.

එතෙක් මෙතෙක් මුම්බායි ඉතිහාසයේ නායකයන් 7 දෙනෙකු මේ පිළේ නායකත්වය දරා තිබෙනවා. දැන් බලමු මේ නායකයන් කවුද කියලා.

1. රෝහිත් ශර්මා
අයි.පී.එල්. ඉතිහාසයේ සාර්ථකම නායකයා වන රොහිත් ශර්මා 2013-2020 කාලය තුළ මුම්බායි පිළට තරඟ 121කට නායකත්වය ලබා දී තිබේ.

2. සචින් ටෙන්ඩුල්කාර්
2008-2011 කාලය තුළ මේ අනර්ඝ ක්‍රිඩකයා තරඟ 50කට නායකත්වය දී තිබෙනවා.

3. හර්බජාන් සිං
2008-2012 කාලය තුළ තරඟ 30 කට නායකත්වය දුන් හර්බජාන් මෙවර කොල්කටා පිළ නියොජයනය කරනවා

4. කීරන් පොලාඩ්
2014-2020 කාලය තුළ විටින් විට නායකත්වය හිමි වු පොලාඩ් තරඟ 8ක් සදහා නායකත්වය ලබා දී තිබෙනවා.

5. රීකී පොන්ටිං
2013 වසර සඳාහා තරඟ 6 කට නායකත්වය දුන් පොන්ටිං මෙවර දිල්ලි පිළේ පුහුණුකරුය.

6. ශොන් පොලොක්
2008 වසර සඳහා තරඟ 4කට ඔහු නායකත්වය ලබා දී තිබේ.

7. ඩ්වෙන් බ්‍රාවෝ
කාලයක් පුරාවට චෙන්නායි පිළ නියොජනය කරන බ්‍රාවෝ තරඟ 1ක් සඳහා 2010 වසරෙදි මුම්බායි පිළට නායකත්වය ලබා දී තිබෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button