CRICKET NEWS

ක්‍රිකට් වාර්තා පොත් අළුත් කෙරූ ෆකාර් සමන්ගේ අති විශිෂ්ට ඉනිම.

දකුණු අප්‍රිකා – පකිස්තාන දෙවන එක්දින තරඟය අද ජොහැන්ස්බර්ග් හීදී පැවැත්වුණා.

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුළු 6 කට දැවැන්ත ලකුණු 341 ක ඉලක්කයක් ලබා දුන්නා. එම ඉනිම වෙනුවෙන් නායක ටෙම්බා බවුමා ලකුණු 92 කුත් වැන්ඩර් ඩුසේන් (60) හා ඩේවිඩ් මිලර් (50*) වේගවත් අර්ධ ශතකද එක් කළා.

එම දැවැන්ත ඉලක්කය හඹා ගිය පකිස්තානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 9 ක් දැවී මුළු ලකුණු 324 ක් ලබාගත්තේ ලකුණු 17 ක තියුණු පරාජයක් අත් විඳිමිනි.

නමුත් ජයග්‍රහණය මෙන් දෙගුණයක කතා බහට ලක්වූ ෆකාර් සමාන්ගේ අති විශිෂ්ට ඉනිම වාර්තා පොත් අළුත් කළේ පන්දු 155 කින් දැවැන්ත ලකුණු 193 ක් සිය කණ්ඩායමට ලබා දෙමිනි. ඊට හතරේ පහරවල් 18 කුත් හයේ පහරවල් 10 කුත් ඇතුළත් වුණා.

එක්දින හඹා යෑමකදී තනි පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් එම ඉනිම වාර්තා පොත් අතර ඉහළින්ම සටහන් වූවා.

මීට පෙර 2011 වසරේදී බංග්ලාදේශ පිලට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන් නොදැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

එහි සමස්ත සටහන පහත දැක්වේ…

193   – Fakhar Zaman vs 🇿🇦 at Johannesburg, 2021 ***
185* – Shane Watson vs 🇧🇩 at Dhaka, 2011
183* – MS Dhoni vs 🇱🇰 at Jaipur, 2005
183   – Virat Kohli vs 🇵🇰 at Dhaka, 2012
181* – Ross Taylor vs 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 at Dunedin, 2018

එමෙන්ම දෙවතාවක්ම ෆකාර් එක්දින පිටියේ ලකුණු 150 පසු කළ අතර එම දස්කම පෑ එකම පකිස්තානු පිතිකරුවා වන්නේද ඔහුයි.

ඊට අමතරව,

දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගයකදී වැඩිම 6 පහරවල් සංඛ්‍යාවක් ලබාගත් ලොව දෙවන පිතිකරුවා. (11- Guptill 🇳🇿, 10 – FAKHAR ZAMAN 🇵🇰)️

එක්දින හඹා යාමකදී වැඩිම 6 පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පකිස්තානු පිතිකරුවා.

දකුණු අප්‍රිකාවේදී පිතිකරුවෙකු ලබාගත් ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව (193 – FAKHAR ZAMAN 🇵🇰,️ 185 – Faf du Plessis 🇿🇦)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button